Monday, June 17, 2013

Lock Your Computer Using A USB Drive | පෙන් එකකින් පරිගණකය ලොක් කරමු.


Lock Your Computer Using A USB Drive | පෙන් එකකින් පරිගණකය ලොක් කරමු.

මෙමගින් සිදුවන්නේ ඔබේ පරිගණකය පෙන් ඩ්‍රයිව් එකක් ආධාරයෙන් අගුළු ලෑමයි. එනම් අදාල පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කොට නැතිනම් පරිගණකය ලොක් තත්ත්වයේ පවතිනවා. නැවත පෙන් එක සම්බන්ධ කළ විටයි එම අගුල ඇරෙන්නේ. අඟුළ ඇරුණු විට පෙන් එක ගැලවුවහොත් පරිගණකය නැවත ලොක් තත්ත්වයට පත් වනු ඇති. පෙන් එක නැතිව වුවද ඔබ කලින් දුන් මුරපදය ආධාරයෙන් පරිගණකයට ඇතුළු විය හැකියි.
මුලින්ම පහත සබැඳියෙන් ගොස් Predator මෘදුකාංගය භාගත කරගෙන ස්ථාපනය කරගන්න.
දැන් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්න.
මීළඟට Predator මෘදුකාංගය ක්‍රියාත්මක කර එයට මුර පදයක් ලබාදී Flash Drive කොටසින් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක තෝරා Create Key යන්න ඔබන්න.
දැන් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක යතුරක් සේ සකස් වී ඇති. පළමු වරට මෙයින් ප්‍රයෝජන ගැනීම සඳහා predator මෘදුකාංගය restart කළ යුතුයි.
මෙය ක්‍රියාත්මකව පවතින අවස්ථාපේ ටාස්ක් පේන් එක මත කුඩා අයිකනයකින් ඒ බව දක්වනවා. එය කොළ පැහැයට තිමේනම් එයින් හැඟවෙන්නේ ඔබේ පෙන් ඩ්‍රයිව් එක යතුරක් සේ ක්‍රියාත්මක වන බවයි. හදිසියේවත් පෙන් එක ගැල වුවහොත් මීළඟ තත්පර 20දී පරිගණකය ලොක් වී යනු ඇති. එයට නැවත ඇතුළු වීමටනම් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කොට මුරපදය ලබා දිය යුතුයි. මුරපදය වැරදුනහොත් චිත්‍රපට වල මෙන් Access Denied පණිවිඩයක් හා ශබ්ධයක් ලැබේවි.
ටාස්ක් පේන් එක මත ඇති අයිකනය මත රයිට් ක්ලික් කොට pause monitoring යන්න ලබා දීමෙන් මෘදුකාංගය ක්‍රියාත්මක වීම වළක්වා ගත හැකියි.

No comments:

Post a Comment