Friday, October 25, 2013

MP3 වලින් Voice එක අයින් කරමු (Music Track)

මේ දවස් වල වෙසක් එකට භක්ති ගීත වගයක් හොයන කොට මට ඒවාගේ Music Track  (Instrumental Track) එක විතරක් ඕනි වුනා ගන්න.ඒත් Internet search කලාට ගොඩක් Songs වල Music Track එක විතරක් ගන්න තිබුන් නෑ. කොහොම හරි Music Track ඕනි නිසා තිබුනු උත්තරෙ වුනේ MP3 Songs වලින් Voice එක අයින් කරන එක තමා. ඒ වැඩේට මම පාවිච්චි කරපු Software දෙකක් ගැන තමා මේ Post එක. කාටහරි ඕනි වුනොත් අරන් බලන්නකො.පළවෙනි Software එක තමා Audacity. මෙතනින් Download කරගන්න. මේකෙන් Music Track එක ගන්න විදිහ තමා මේ.

step 1 > Audio File එක open කරගන්න.                       step 2 > Split Stereo Track එක Select කරන්න.




step 3 > Effect Menu එක Select කරලා Vocal Remover  Select කරන්න





දෙවන Software එක තමා MP3 Karaoke. මෙතනින් Download කරගන්න. මේකෙ නම් කරන්න වැඩිය දෙයක් නෑ Track එක Add කරලා Make Karoke File දුන්නාම Music Track (Instrumental Track)එක හැදෙනවා.



මතක තියාගන්න ඕනි දේ තමයි පාවිච්චි කරන Track එකේ quality එක සහ MP3 ීSong එකේ Voice track එක එකතු කරලා තියෙන විදිහ (Encoded Method) අනුව Music Track එකෙ quality එක වෙනස් වෙනවා කියලා.

Monday, October 14, 2013

  Mobile Device එක හදපු රට  IMEI අංකෙන් හොයමු.


                                    ඔයා දන්නවද? ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එක, ඩොන්ගල් එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයන්න පුළුවන්. IMEI කියන එකේ තේරුම තමයි International Mobile Equipment Identity. ඒක unique number එකක්. ඒ කියන්නෙ එක වගෙ දෙකක් නෑ. හැබැයි මේක තියෙන්නෙ 2004 ට පස්සෙ හදපු mobile devices වල විතරයි.

                                    දන්නව ඇතිනෙ IMEI අංකෙ හොයන හැටි? call එකක් ගන්න විදිහට ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එකෙන් *#06# (තරුවයි කොටුවයි බින්දුවයි හයයි කොටුව) dial කළාම ඒක ගන්න පුළුවන් (ඒක සමහරවිට ඔයාගෙ device එකේ print කරලත් ඇති).
                                    IMEI අංකෙට ඉලක්කම් 15 ක් තියෙනවා. ඒවයින් mobile device එක හදපු ර‍ට හොයන්න උදවු වෙන්නෙ 7 වෙනි ඉලක්කමයි, 8 වෙනි ඉලක්කමයි (YY) විතරයි. IMEI අංකෙක ආකෘතිය මේ විදිහයි.

XXXXXX YY ZZZZZZ A
  • XXXXXX - Type apptoval code - මාදිලි අනුමැති කේතය
  • ZZZZZZ - Serial number - ශ්‍රේණිගත අංකය
  • A - Check digit - පරීක්ෂක සංඛ්‍යාංකය
  • YY =
01 or 10 - Finland
02 or 20 - Germany
03 or 30 - Korea
04 or 40 - China
05 or 50 - Brazil, USA, Finland
06 or 60 - Hong Kong, China, Mexico
07 or 70 - Finland
08 or 80 - Hungary
91          - Finland
00          - Finland, Korea, Mexico

දැන්ම උත්සහ කරල බලන්න!

Sunday, October 13, 2013

TeamViewer.... යාළුවට කියල යාළුවගෙ පරිගනකයට රිංගමු (TeamViewer)

මේක computer ගැන දන්න නොදන්න හැමොටම ගොඩක් වැදගත්. මොකද දන්න අයට නොදන්න අයගෙ computer වලට ලෙසියෙන්ම log වෙලා එයාලට උදව් කරන්න පුලුවන්. හෑබයි දෙන්න ගාවම මේ software එක තියෙන්න ඔනෙ.
මුලින්ම කියන්නම්කෝ මේකෙ තියෙන වැදගත් කම උදාහරණයක් විදිහට ඔයාලගෙ යාළුවෙකුට මොකක් හරි ගැන කියා දෙන්න පුලුවන් online එකෙන්. ඒ විතරක් නෙමෙයි video එකක් පෙන්නන්න, File Shearing කරන්න, වගේ ගොඩක් වැඩ කරගන්න පුලුවන්. මේකෙ android app එකකුත් තියෙනව. ඒ ගොල්ලන්ට phone එකෙන් වුනත් මේකට connect වෙන්න පුළුවන්.
හැබැයි මේකෙදි පොඩි risk එකක් තියෙනව. මොකද හොද hacker කෙනෙකුට පුලුවන් මේ වෙලවෙදි  computer එකට රිංගන්න ඕනෙ පරිසරය හදා ගන්න. මේක Non-commercial විදිහට පවිච්චි කරනව නම් free. ඉතින් ඔයාලත් try එකක් දන්න. යාළුවගෙ computer එකට රිංගන්න.

Saturday, October 12, 2013

21.500කට වැඩි GAMES ගොඩක රහස් කෝඩ්


CHEATBOOK DATABASE 2013





21.500කට වැඩි ගේම්ස් ගොඩක රහස් කෝඩ් තියෙන  ඩේටා බේස් එකක් තමා මේ. අදවෙනකොට ඇවිල්ල තියෙන හැම ගේම් එකකම වගේ රහස් කෝඩ් මේකෙ තියේනවා . ඉතින් ගේම් ගහන ගොඩ දෙනෙක්  මේ ගැනනම් දන්නවනේ. දන්නැති අයත් ඇති නේද දන්න නොදන්න හැමෝටම තමා මේක අද මන් ලියන්නේ. ඔය YOUTUBE එකේ වීඩ්යෝ දාල තියෙන්නේ පිටරට පොරවල් මේ විදිහට හොරවැඩ කරල තමා. නැතුව උන් ගහන විදිහට අපි නිකන්ම ගහන්න ගියාම හෙන අවුල් වෙනවා.මොකද අපිට එහෙම ගේම්ස් ගහන්න බැ.. නමුත් අපි හොර නොකර  හොදට ගේම් ගහනවනේ.






මේ තියෙන්නෙ Screenshots

Friday, October 11, 2013

ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ Speed Up Firefox , Google Chrome And Skype. ]

ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

මේ පහල කියල තියේන විධියට කරන්න.


1. ) Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ. කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.

ඔබේ පරිගණක මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
2. ) නිශ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3න් ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 
3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.

See Who Is Online On Facebook While Remaining Offline !! ..fb...තමන් Online හිටියත් Chat Off කරලාOffline ඉන්න කට්ටි

කොල්ලෝ , කෙල්ලෝ මේ වැඩේ ඕන තරම් කරනවා. ඉතින් මම අද කියන්න යන්නේ අන්න එහෙම Offline ඉන්න කට්ටිය බලාගන්න විදියයි. 

මෙන්න මෙහමයි , ඒ ඇප් එක පෙන්නේ. පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]
රතු පාට ඊතලයේන් පෙන්වා කොටස තමයි , අපේ මේ වැඩේට ආදාල.




1. ) මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.


මේක Facebook App එකක්. ඔය link එකට ගියාම ඔයාලගෙන් අහනවා, ඔයාලගේ public profile details පාවිච්චි කරාට කමක් නැද්ද කියලා. ඒක okay කරන්න. ( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]




මෙන්න ලින්ක් එක - 
http://apps.facebook.com/newonlinenow/ 


2. ) දැන් හරි.

දැන් ඔයාලට පෙනේවි කව්ද Online ඉන්නේ කියලා. 
ඔතනින් රතු පාට රවුමක් තියෙන්නේ, ඇත්තටම Online ඉන්න අයයි. 
අළු පාට අර්ධ රවුමකින් පෙන්නන්නේ Online ඉදගෙන Offline දාගෙන ඉන්න කට්ටියයි !!
පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]




කොහොමද වැඩේ ?? එලනේ !! :D

දැන් ඉතින් FaceBook එකට Online ඇවිල්ලත් Offline දාගෙන ඉන්න යාලුවෙක්ට මෙන්න මෙහම Message එකක් යවන්න.
" ආ , මචෝ , උබ මොකද මේ Offline දාගෙන ?? "
ඊට පස්සේ මේ Message එක දැකපු යාලුවට , මුකුත්ම කියවෙන්නේ නැති වෙවි.. :p

මේ ට්‍රික් එක පට්ටේටම වටිනවා නම් , Comment එකකුත් දාගෙනම යන්න.

Sunday, October 6, 2013

Gmes for china mobilesචයිනීස් ෆෝන් වල‍‍ට ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන හැටි.....

                           චයිනීස් ෆෝන් වල‍‍ට ජාවා ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ කියලා අපි හැමෝම දන්නවනේ..ඒකට විසදුමක් තමා මම අද ඉදිරිපත් කරන්න යන්නේ...
චයිනීස් ෆෝන් වල‍‍ට වර්ග 2ක ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා..
ඒ .nes සහ .mrp කියන වර්ග 2.
.nes ගැන ඔයාල දැනටම දන්නවා ඇති.මොකද ගොඩක් අය දන්නවා ඒවා දාන විදිහ.
හොදයි එතකොට  .nes ගැන ගොඩක් අය දන්නවා නම් .mrp ගැන කියන්නේ මොන එහෙකටද කියලා ඔයාල බලනවා ඇති.හේතුව තමා .nes ගේම්ස් ගොඩක් චයිනීස් ෆෝන්ස් වලට වැඩ නෑ.ඒත් .mrp ගේම්ස් ගොඩක් ඒවට වැඩ.ඉතින් .nesවැඩ නෑ කියලා අඩ අඩ ඉන්න ඕන නෑ...
දැන්මම ඔයාගේ ෆෝන් එක අරන්   *#220807#  ගහන්න.මොනවම හරි ප්‍රතිචාරයක් ලැබුනොත් ඔන්න වැඩේ හරි.ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා වගේ ප්‍රතිචාරයක් තමා ලැබෙන්නේ...
හරි දැන් එහෙම ප්‍රතිචාරයක් ලැබෙනවා නම් ඊලග පියවර ටිකට යමු...

හරි දැන් ඒක අන්සිප් කරගන්න.
ඊලගට ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ mythroad කියලා ෆෝල්ඩර් එකක් හදන්න.
දැන් අර අන්සිප් කරගත්ත එකේ තිබ්බ dsm_gm.mrp කියන ෆයිල් එක ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ අර හදපු mythroad ෆෝල්ඩර් එක ඇතුලට දාන්න..
දැන් ඉතින් ඔන්න වැඩේ හරි...

ඔන්න ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ඒවත් අර  mythroad ෆෝල්ඩර් එක ඇතුලටම දාන්න...
දැන් ආපහු  *#220807#  ගහන්න...
ඔන්න එතකොට එයි App List කියලා මෙනු එකක්.ඒකේ ඇති ඔයා ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් එහෙම...දැන් ඉතින් open කරලා play කරන්න...
ඔන්න එහෙනම් වැඩේ හරි නේ???,,,,,

Thursday, October 3, 2013

Windows තියෙන ඕනෑම පරිගණකයක් i7 කරමු.....

අපිට කොඉන්ද i7....? තියෙන්නෙත් P IV. එකටත් වැඩ කිඩ දාල දාල බොහොම අමුරුවෙන් වැඩේ කරගෙන යන්නේ. හ්ම්... එකට කමක් නෑ... යාලුවන්ව ටිකක් හොල්මන් කරන්නත් එක්ක PC 1 i7 කරමුද ආ...?


ඕක එච්චර දෙයක් නෙවෙයි. මේක කරන්නේ Registry එක එඩිට් කරලා...
බය වෙන්න එපා මේකෙන් කිසිම දෙකට හානියක් වෙන්නේ නෑ. මේකෙන් වෙන එකම දේ බොරු විස්තරයක් පෙන්නන එක විතරයි.


එහෙනම් මුලින්ම, Start > Run යන්න.

ඊට පස්සේ "regedit.exe" කියල ටයිප් කරන්න.


සමහරවිට අහයි, "Do you want to allow following program to make changes to this computer?" එක "Yes" කරන්න.

ඔන්න දැන් අපි කොමාගේ මොලේට රිංගල ඉවරයි. දැන් තියෙන්නේ මතකයන් වෙනස් කරන 



HKEY_LOCAL_MACHINE → HARDWARE → DESCRIPTION → System → CentralProcessor → 0



එකේ තියෙනවා "ProcessorNameString" කියල එකක්. අන්න ඔතන තම අපේ Processor එක ගැන විස්තරේ තියෙන්නේ. එක උඩ Double ක්ලික් කරන්න.



දැන් ඔයාලට දැක ගන්න පුළුවන් පහල පින්තුරයේ වගේ, අපේ Processor එකේ විස්තරේ ඇවිත් තියෙනවා...


දැන් ඔයාලට තියෙන්නේ, ඔකේ තියෙන එක මකලා දාල, 

"Intel(R) Core(TM) i7 CPU       M 560  @ 2.27GHz" කියල ටයිප් කරන්න විතරයි.


දැන් වැඩේ ඉවරවෙලා, "OK" Button එක ක්ලික් කරලා, Registry Editor එක Close කරලා දාන්න.



දැන් Computer එකේ Properties ගිහින් බලන්න. PC 1 i7 වෙලා නේද...?




Thursday, September 26, 2013

ඔබේම Dongle එක ඔබම unlock කරගත්තොත් නරකද

සමහර අය  Dongle එක Lock වෙලා Unlock කරගන්න බැරිද කියල Facebook Group වල හුල්ලනවා මම දැකල තියනවා .දැන් ඕවට අඬපු කාලේ  ඉවරයි .මෙන්න බඩුව ! DC Unlock .කඩේකින් Unlock කරන්න ගියානම් අනිවා රු 1000/=කට කෙලවෙනවා sure .මේ software එකෙන් මේ වැඩේ නොමිලේම කරගන්න පුළුවන් . අපිට තියෙන්නේ අපේ කසිකබල් Dongle එක පරිගණකයට ගහල software එක ඔපෙන් කරන එක විතරයි .මේ software එකෙන්ම එහි model ඇතුළු සියලු දේ හඳුනා ගන්නවා .ඉන්පසු unlock  Button  එක Click කිරීමෙන් ඔබේ කසිකබල් Dongle එක සුපිරි Dongle එකක් වෙනවා .මේකෙන් දොන්ග්ලේ විතරක් නෙමේ ෆෝන් එහෙමත් Unlock කරගත හැකි 




Tuesday, September 24, 2013

web site එක කොහොමද Google වලට දාන්නෙ ?

index
දැන් ගොඩක් කට්ටිය Blog ලියන වැඩේ පටන් ‍ගෙන තියෙනව.ඉතින් Blog එකක් හැදුවට පස්සෙ ඒක ප්‍රසිද්ධ කරන්න ඕනනෙ ඉතින් ඕකට ලේසිම විදිහ තමයි Search engines වලට ඔයාගෙ Blog එක “Submit” කරන එක.Search engine කිව්වහම ප්‍රසිද්ධ Google නෙ,ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාලගෙ Blog එක හරි website එක Google වලට Submit කරන හැටි.හරිම පොඩි වැඩක් කියෙන්නෙ.පහල තියෙන ලින්ක් එකට ගිහින් ඔයාගෙ site එකේ URL එක ගහල ඊට පහලින් තියෙන Picture Code එක බලාගෙන හරියට Type කරල “Submit Request” කියන එක click කරන්න.වැඩේ හරි
for google click here
ඒවගේම Yahoo , Bing වලට Submit කරන්න පහල ලින්ක් වලට යන්න
ඔන්න එහෙනම් ඔයාගෙ site එකත් Submit කරගන්නකෝ

Talking cat කම්පියුටර් ඒකට............

index
Android දුරකතන සදහා නිපදවු apps අතරින් ඉතාම ඡනප්‍රිය app ඒකක් විදිහට talking cat හදුන්වන්න පුලුවන්. ඉතින් ඒක දැන් ඔයාලගේ computer එකටත් දාගන්න පුලුවන්.මෙන්න තියෙනව link එක
download
මේක download වෙන්නෙ .rar file එකක් විදිහට downlaod කරාට පස්සෙ extract කරගන්න ඕන. ඉතින් downlaod කරගෙන අවුලක් වුනෙත් comment කරන්නකො

Talking cat කම්පියුටර් ඒකට දාමු

index
Android දුරකතන සදහා නිපදවු apps අතරින් ඉතාම ඡනප්‍රිය app ඒකක් විදිහට talking cat හදුන්වන්න පුලුවන්. ඉතින් ඒක දැන් ඔයාලගේ computer එකටත් දාගන්න පුලුවන්.මෙන්න තියෙනව link එක
download
මේක download වෙන්නෙ .rar file එකක් විදිහට downlaod කරාට පස්සෙ extract කරගන්න ඕන. ඉතින් downlaod කරගෙන අවුලක් වුනෙත් comment කරන්නකො

Thursday, September 12, 2013

කිසිම software එකක් නැතුව Hutch වලින් free internet යන හැටි හා Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි.

Hutch unlimited free internet with ultrasurf

ඔන කෙනෙක්ට free download  web site එකෙන් නොමිලේ download කරගන්න පුලුවන්.  hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.






Increase internet speed with open DNS


 දැන් software එකක් නැතුව  free internet internet යන හැටි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ අනෙක් networks use කරන අයට internet speed එක මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුලුවන්. මෙහිදි ISP අපට සපයන DNS හෙවත් Domain Name server එක වෙනුවට වෙනත් DNS එකක් භාවිතා කිරිමක් තමා වෙන්නේ. DNS එකකකින් වෙන දෙ ගැන සරලව කිව්වොත්. ඔයා web browser එකේ web address එකක් type කරලා browse කරන්න ඉල්ලුවාම මේ DNS එකේන් එ web site එක host කරලා තියන sever එක ඔයාට හොයලා දෙනවා. මේ ගැන වැඩිය විස්තර කරන්නේ නැතුව කරන විදිහ දැන් බලමුකො. සල්ලි දිලා DNS ගන්නත් පුලුවන් ඉතින් free internet යන්න free එකක්ම ඔනේ නිසා Google ලා දෙන Google open DNS භාවිතා කරමු.

පලමුව windows  වල Network and Sharing Center  එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.



දැන් එ Network and Sharing Center window එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.


දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න

 
දැන් open වෙන window එකේ Internet Protocol Version 4 (TCP/IPv4)  කියන් option එක highlight කරලා properties යන්න click කරන්න.


open  වෙන window එකෙ Use the following DNS server addresses කියන option එක tik කරලා පහත DNS settings එහි යොදන්න.



Preferred DNS Server: 8.8.8.8
Alternate DNS Server: 8.8.4.4
 settings හදලා ඉවර වෙලා OK කරන්න. දැන් ඉතින් computer එක restart කරලා hutch sim එක use කරලා hutch කට්ටිය bug එක හදලා ඉවරවෙන දවස වෙනකම් free internet යන්න

Tuesday, September 10, 2013

ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙනගිය විට එහි තේරුම පෙන්වන..

ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙනගිය විට එහි තේරුම පෙන්වන......................


                      
                                  අදවන විට ඉන්තර්ජාලය අපට නැවතුම බැරි දෙයක් වී ඇත. අන්තර්ජාලයේ සැරිසරන අපට බොහෝ English වචන අපට හම්බ වෙනවා. සමහර බොහෝ දුරට එම වචන වල තේරුම නොදන්නා වචනද අපට අනන්තවත් හමුවෙනවා. එම වචනයේ තේරුම දැනගැනීමට අවශ්‍ය නම් බොහෝ දෙනා කරන්න මදුර වැනි English සිංහල ඩික්ෂනේරිය භාවිතාකර එහි තේරුම ලබා . එහෙත් ඊට වඩා බොහෝ පහසු ක්‍රමයක් මේවනවිට ඇත. මෙය තමා වෙබ් බ්‍රොව්සර් එකටම ඩික්ෂනේරිය install කරගැනීම. එමගින් අපට තේරුම අවශ්‍ය English වචනය ලදට mouse point එක ගෙන ගිය විට ඊට පහලින් එම වචනයට ආසන්නතම තේරුම ලබා දේ. 


                 ඇත්තම කිව්වොත් මේක මට කිව්වේ මගේ යාලුවෙක්. ඉතින් මම හිතුවා ඔයාලටත් කියන්න ඕනේ කියලා.මම හිතන්නේ මේක හොයාගන්න ඇත්තේ ලංකාවේ කෙනෙක් මම හරියටම දන්නේ නැ කවුද කියා. කවුරු උනත් වටිනා දෙයක් තමා දීලා තියන්නේ. මමත් ස්තුති වනත් වෙනවා.

download

Monday, September 2, 2013

BLOCK නොවී Facebook Requests යවන්න.


කනවා කියලා බදාගෙන කන්න හොද නෑනේ… එහෙම නේද? එ නිසා දවසට රික්වෙස්ට් 100ට අඩු ගානක් එ කිවුවේ 90ක් වගේ යැවුවම ඇති හොදේ…. බර ගානක් යවන්න නම් බෑ… එත් 100 පැන්නට පස්සේ පොඩි බොක්ස් එකක් එනවා….. සිකියුරිට්ය් කෝඩ් එකක් ගහන්න…සමහර අය හිතනවා ඇති මේක අනාරක්ෂිතයි කියලා… එත් බය වෙන්න එපා… මොකද මම දැන් පාවිච්චි කරන අකවුන්ට් එකට යාලුවෝ දාගත්තේ ඔය විදිහෙන්ම තමයි… මාස 3කදී යාලුවෝ 3000ක් ගත්ත… එත් හරිනම් මාසෙන් යාලුවෝ 3000කරගන්න තිබුනා… එත් මට මේක හැමදාම කරන්න වෙලාවක් තිබුනේ නෑ.. මේක ගැන විශ්වාසයක් නැත්තම් අලුතෙන් අකවුන්ට් එකක් හදලා අත්හදා බලන්නකෝ
224832 194063260721617 1223011133 n 300x155 BLOCK නොවී Facebook Requests යවන්න.
මුලින්ම ඔබ Facebook Security Settings වෙත ගොස් secure browsing යටතේ ඇති HTTPS disable කරන්න… මෙය අනිවාර්යෙන් කල යුතුයි…
ඔන්න එහෙනම් වැඩේ පට්ටාන් ගමු… මේකට අපි පාවිච්චි කරන්නේ පොඩි addon එකක්… හැබැයි ඒක Firefox එක්ක විතරයි වැඩ කරන්නේ… ඒ නිසා මේක පාවිච්චි කරන වෙලාවට ඔයාලට Firefox එකට බහින්නම වෙනවා… icon wink BLOCK නොවී Facebook Requests යවන්න. Firefox එකේ 32 බිට් වර්ෂන් ඒක විතරනේ තියෙන්නේ… එකේ 64 බිට් එකට එ කියන්නේ Waterfox එකටත් වැඩ
මෙතනින් addon ඒක ඉන්ස්ටෝල් කරගන්නකො click here
ඒක ඉස්ටෝල් උනාට පස්සේ බ්‍රවුසර් ඒක රීස්ටාර්ට් කරන්න කියනවා… ඒකත් කරන්නකෝ එහෙනම්… හරි… ඉස්සල්ලම ෆේස්බුක් එකට යන්න… මේක කියලා දෙන්න ලේසි නිසා People You May Know කියලා පෙන්නන ලිස්ට් එකට යන්නම්… එතන පහලට පහලට ගොඩාක් තියෙන නිසා සැපයි…. මම ඔයාලට කියලා දෙන්න යන නිසයි මේ ලිස්ට් එකෙන් ඇඩ් කරන්න කියන්නේ හොදද… නැත්තම් අපිට එකින් ඒක ඇඩ් කරගෙන යන්නත් පුළුවන්…
2012 10 06 1302411 BLOCK නොවී Facebook Requests යවන්න.
මෙතන ක්ලික් කරලත් පුළුවන් එතනට යන්න
එතකොට මෙන්න මේ වගේ එකක් එනවා…. 2012 10 06 130810 BLOCK නොවී Facebook Requests යවන්න.
පිටුව පුරාම යාලුවෝ ටික දෙනයි නේද පෙන්නන්නේ… ඕක අපිට කරදරයක්. එ නිසා ctrl+mouse wheel down කරන්න…. එතකොට සියිස් ඒක පොඩි වෙලා මේ විදිහට එනවා 2012 10 06 1315251 BLOCK නොවී Facebook Requests යවන්න.
හරි… දැන් බ්‍රවුසර් එකේ Tools වලට යන්න…. Tools කියල එකක් තිබුනේ නැත්තම් මෙන්න මෙතනින් එ බාර් ඒක හදාගන්න Untitled BLOCK නොවී Facebook Requests යවන්න.
ඊට පස්සේ එතනින් පල්ලෙහාම තියෙන ඒක එ කියන්නේ Tamper Data කියන ඒක කිල්ක් කරන්න 2012 10 06 112844 BLOCK නොවී Facebook Requests යවන්න.
මෙන්න මෙහෙම එකක් එනවා එතකොට 2012 10 06 132142 BLOCK නොවී Facebook Requests යවන්න. එකේ Start Tamper ඒක උඩ සේ කිල්ක් කරන්න….
ඊට පස්ඕනේ Friends ලට Riquest යවන්න… එ කියන්නේ  Add Friend බට්න් ඒක උඩ ඔබාගෙන ඔබාගෙන යන්න එහෙම දුන්නට පස්සේ මෙන්න මේ වගේ සිඟිති වින්ඩෝස් එනවා… එකක් නම් කමක් නෑ කියමුකෝ…. බර ගානක්….
2012 10 06 133113 BLOCK නොවී Facebook Requests යවන්න.
තාම අපි ඒක රික්වෙස්ට් එකක්වත් යවලා නෑ… රික්වෙස්ට් ඒක සෙන්ඩ් වෙන්නනම් Submit කරන්න ඕනේ. දැන් මෙන්න මේවා උඩ ක්ලික් කරගෙන ක්ලික් කරගෙන යන්න…. icon razz BLOCK නොවී Facebook Requests යවන්න. එ හැම එකේම Submit කියන ඒක උඩ ක්ලික් කරන්න…
එ කියන්නේ Add Friend කරන වාරයක් ගානෙම අර උඩ තිබුන වගේ පොඩි පොඩි වින්ඩෝ එනවා…. එ හැම එකම Submit කරන්න… එතකොට තමයි අර රික්වෙස්ට් ඒක ඇත්තටම සෙන්ඩ් වෙන්නේ…
මේක තමයි වැදගත්ම දේ එහෙම යවන හැම රික්වෙස්ට් 20කට වගේ සැරයක් අර ආපු වින්ඩෝ ටික Submit කරන්න ඕනෙ… නැත්තම් වැඩේ අවුල්… එ කියන්නේ අන්තිමට වින්ඩෝ එන්නේ නැති වෙනවා… එ ඔක්කොම තිතට පැහැදිලි වෙන්න මෙන්න මේ වීඩියෝ ඒකත් බලන්න…. එතකොට ඔයාලට හොදටම තේරෙයි
කෝකටත් ඔයාලා මේකෙන් රික්වෙස්ට් යවන ගමන් ඇක්සෙප්ට් කරපු නැති රික්වෙස්ට් මෙන්න මේ addon එකෙන් අයින් කරන්න පුරුදු වෙන්න… මොකද අපි දන්නේ නැති උනාට අපි යවන රික්වෙස්ට් ගොඩක් අය ignore කලොත් ඒකත් අපේ අකවුන්ට් ඒක බ්ලොක් වෙන්න හේතුවක්…
මෙතනින් ඒකත් ගන්නකො www.unfriendfinder.com


Sunday, August 25, 2013

sms එකක් යවලා phone එක off කරමු

මුලින්ම කරන්න තියෙන්නෙ මෙ  text එක copy  කර ගන්න.

 www.downloadlk.blogspot.com
Restart this 4n
.
.

.
.
ǹ̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀>>>====>($.€)<====<
දන් එක ඔය විදියටම copy කරල යලුවන්ට යවන්න..බලපු ගමන් 4n එක off
only normal nokia.....................

Friday, August 9, 2013

විනාඩි 10 න් film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).


විනාඩි 10 න් film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).




සාමාන්‍ය ක්‍රමයට Film එකට Subtitle ටික ස්ථිරවම (Hard Burn) එකතු කරන්න නම් මුළු Film එකම අර Subtitle File එකත් එක්ක එකට දාල Convert කරන්න ඕන. ඕකට යනවා පැයක් දෙකක්. ඒත් අපේ මේ  ක්‍රමේදී මේකට යන්නේ විනාඩි 10 ක් වගේ පොඩි වෙලාවක්. ඒ වගේම තවත් වාසි තියෙනවා මේකේ.
වාසි:
• අඩු කාලයකින් සිංහල subtitle එක film එකට එකතු කරගැනීමේ හැකියාව.
• Subtitle එක On Off කිරීමේ හැකියාව.
• පියවරවල් අවසානයේ තනි File එකක් පමණක් ලැබීම. ( Divx file එක විතරයි.)
හැබැයි ඉතින් මේකේ පොඩිම පොඩි අවුලකුත් තියෙනවා, එත් අර පැයක් දෙකක් Convert කර කර ඉන්න එකත් එක්ක බලද්දී එක මහා ලොකු අවුලක් නෙමේ..
යමුකෝ ඉස්සරහට එහෙනම්…    ;)
මේකට ඕන වෙනවා Software 4 ක්, හතරම 6MB විතර වෙන්නේ. හතරම මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ඩවුන්ලෝඩ් කරගෙන Extract කරගන්න.
පටන් ගමු එහෙනම් වැඩේ…
පියවර : 01
සාමන්‍යයෙන් අපිට සිංහල Subtitle ලැබෙන්නේ .srt කියන Format එකෙන්. ඉතින් ඒක .ssa වලට හරවගන්න අපි ඉස්සෙල්ලම පාවිච්චි කරනවා Subtitle Edit කියන Software එක. (ඔයාලා ගාව තියෙන්නේ .ssa File එකක් නම් මේ පියවර ඕන වෙන්නේ නෑ.) මම දීලා තියෙන්නේ Portable එකක් නිසා Install කරන්න ඕන නෑ…
මුලින්ම 1 SE portable කියන Folder එකට ගිහින් SubtitleEdit සොෆ්ට්වෙයා එක Open කරගන්න.
1 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
දැන් ඒකෙන් ඔයාලා ගාව තියෙන .srt File එක Open කරගන්න.
මෙතැනදී ඕන නම් එක එක වෙනස් කම් කරගන්න පුළුවන්. ඒ ගැන මං මෙතැනදී කියන්න යන්නේ නෑ, ඔයාලම කරලා බලන්න.
ඊට පස්සේ මේකේ Encoding එකට Unicode (UTF-8) තෝරන්න.
1.5 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඊට පස්සේ යන්න File> Svae as, එහෙම ගියාම දිග list එකක් එයි එකෙන් තෝරාගන්න Sub Station Alpha කියන Format එක.
2 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඊට පස්සේ film එක තියෙන folder එකටම Save කරගන්න.
පියවර :02
දැන් මේ .ssa ෆයිල් එක .son කියන Format එකට හරව ගන්න ඕන. ඒකට Open කරගන්න MaestroSBT එක.
මෙතැනදී අපිට අලුත් folder එකක් ඕන වෙනවා,  film එක තියෙන folder එකේම අලුත් folder එකක් හදන්න.
ඊට පස්සේ File > Open ගිහින් අර අපේ .ssa ෆයිල් එක Open කරගන්න.  ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන Buttons වලින් උඩම එක “Set Files” කියන එක ඔබන්න.
දැන් එයි පොඩි Window එකක්, ඒකෙන් Browse කියන එකෙන් ගිහින් අර හදපු අලුත් folder එක තෝරලා Ok කරන්න.
3 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඊළගට දෙවනි Button එක “Rendering” වලට යන්න. එතකොට Rendering Options කියන නමින් තව වින්ඩෝ එකක් එයි. ඒකෙ මේ පින්තුරයේ තියෙන විදියට අගයන් දාන්න.
4 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
එහෙම දාලා අංක 4 දාලා තියෙන “Color keys” බොත්තම ඔබන්න.
දැන් තව පොඩි වින්ඩෝ එකක් ලැබෙයි. ඒකෙ මෙන්න මේ විදියට වෙනස් කරන්න.
5 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඊට පස්සේ සේරම Ok කරලා දාන්න.
ඊළඟට “Timing”  බොත්තමට යන්න. දැන් මේකේ දාන්න ඕන Film එකේ තියෙන fps අගය.
ඒක හොයාගන්න, film එක උඩ Right Click කරලා Properties වලට යන්න. දැන් එන වින්ඩෝ එකේ Details tab එකේ තියෙන ඒවගෙන් Video යටතේ තියෙන Frame Rate එක බලාගන්න.
6 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
දැන් අර Timing එකේ තියෙන FPS In එකටයි FPS Out එකටයි දෙන්න ඒ අගය. මගේ නම් 29 තමයි අගය.
7 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
දැන් යන්න Styles බොත්තමට.  දැන් එයි පොඩි වින්ඩෝ එකක්. ඉස්සෙල්ලම ඒකෙ තියෙන Default කියන එක තෝරන්න. ඊටපස්සේ Edit Style බොත්තම ඔබන්න.
8 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
දැන් එයි තව වින්ඩෝ එකක්. වින්ඩෝ ගොඩයි නේ.. icon biggrin විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඒ වින්ඩෝ එකේ මැද තියෙන Change බොත්තම ඔබන්න. දැන් එයි තව පොඩි වින්ඩෝ එකක් icon biggrin විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles). icon biggrin විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඒකෙ
•Font එක Iskoola pota
•Font Style එක BOLD
•Font Size එක 22
9 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
විදියට අගයන් දාන්න. මේ Font Size එක ඔයාට කැමති ගානට වෙනස් කරගන්න පුළුවන්.
දැන් සේරම Ok කරලා දාන්න.  අන්තිමට Generate බොත්තම ඔබලා ටිකක් වෙලා ඉන්නයි තියෙන්නේ.

හ්ම්ම්.. දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි. දැන් ගිහින් බලන්න අර අපි හදපු New Folder එක. ඒක ඇතුලේ ඇති හෙන File තොගයක්.  දැන් ඔය File ටික IDX/SUB Format එකට හරවන්න ඕන.
පියවර : 03
මේකට ඕන වෙනවා Son2Vob Software එක.
ඒකෙ දකුණු පැත්තේ උඩ තියෙනවා බොත්තමක් මෙන්න මෙහෙම ….  තිත් වගයක් දාපු. ඒක ඔබන්න. ඊට පස්සේ එනවා වින්ඩෝ එකක්. ඒකෙන් ගිහින් Open කරන්න අර New Folder එක. එතකොට එක File එකක් පෙන්නයි. අගට .son format එක තියෙන. ඒක තෝරාගන්න.
Out put File කියන එකට ඉස්සරහින් තියෙන …. තිත් තිත් බොත්තම ඔබලා Film එක තියෙන Folder එක තෝරන්න.
ඊට පස්සේ
•Width එකට 1920
•Height එකට 1080
•Fps එකට 29
10 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
මෙතන Fps අගය ඔයාලගේ Film එකේ Fps අගයම වෙන්න ඕන. මේ Screenshot එකේ තියෙන අගය හැම එකටම හරි යන්නේ නෑ. Film එකේ Fps අගය හොයාගන්න හැටි කලින් කියලා දුන්නනේ.
අන්තිමට Convert බොත්තම ඔබන්න.
දැන් ගිහින් බලන්න Film එක ගාව ඇති තව File දෙකක් IDX කියන Format එකෙනුයි SUB කියන Format එකෙනුයි.
 11 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඔතනින් දැන් .ssa ෆයිල් එක Delete කරලා දාන්න.

පියවර : 04
මේක තමයි අන්තිම පියවර.
දැන්  මේ IDX/SUB ෆයිල් දෙක Film එකට ඇතුල් කරගන්න ඕන වෙනවා, එකට අපි පාවිච්චි කරන්නේ අපේ හතරවෙනි Software එක.   AVIAddXSub එක.  එකේ Folder එක ඇතුලේ Software කීපයක් තියෙනවා ඒවගෙන් AVIAddXSubs කියන නම තියෙන එක Open කරගන්න.
12 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඔන්න දැන් මේකෙත් තියෙනවා අර තිත් තිත් තියෙන බොත්තම් දෙකක්. ඒවගෙන් පලවෙනි එක ඔබලා Film එක තෝරාගන්න. මෙතැනදී ෆිල්ම් එකේ නමයි IDX/SUB කියන ෆයිල් දෙකේ නම් දෙකයි එක සමාන වෙන්න ඕන.
දැන් දෙවැනි තිත් තිත් බොත්තම ඔබලා Film එක Save වෙන්න ඕන තැන තෝරන්න.
13 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
ඊට පස්සේ Configuration 1 කියන ටැබ් එකට යන්න. ඒකෙ මෙන්න මේ රතු පාටින් රවුම් කරලා තියෙන ඒවා හරියටම දාන්න. අනිත් ඒවා ඒ තරම් වැදගත් නෑ.
14 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
දැන් ආපහු මුල් ටැබ් එකට යන්න ඒ කිව්වේ Create XSUB or Idx/Sub කියන ටැබ් එකට. ගිහින් start බොත්තම ඔබන්න.
දැන් මෙන්න මේ විදියේ වින්ඩෝ එකක් එයි..
15 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
මේකට විනාඩි දෙකක් විතර ගත වෙනවා.. අන්තිමේ මෙහෙම පෙනෙයි..
16 විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
මේක දැන් පරිගණකයෙන් Play කරලා බැලුවට Subtitle වැඩ කරන්නේ නෑ. දැන් ඉතින් තියෙන්නේ මේක පෙන් එකට දාල පෙන් එක DVD Player එකට ගහලා බලන්න තමයි.  Subtitle වැඩ කළේ නැත්නම් DVD Player එකේ රිමෝට් එකේ තියෙන subtitle බොත්තම ඔබලා බලන්න. ඒකෙන් අපිට මේ subtitle එක On / Off කරගන්න පුළුවන්.


මේක කරලා බලලා වැඩේ හරි ගියා නම් අපිට දැනගන්නත් එක්ක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා…

ප.ලි : මේකේ තියෙන අවාසිය තමයි Subtitle ටිකක් කැත වෙන එක. ඒත් එක මහා ලොකු ප්‍රශ්නයක් නෙමේ… කරලම බලන්නකෝ… icon biggrin විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).