Friday, October 25, 2013

MP3 වලින් Voice එක අයින් කරමු (Music Track)

මේ දවස් වල වෙසක් එකට භක්ති ගීත වගයක් හොයන කොට මට ඒවාගේ Music Track  (Instrumental Track) එක විතරක් ඕනි වුනා ගන්න.ඒත් Internet search කලාට ගොඩක් Songs වල Music Track එක විතරක් ගන්න තිබුන් නෑ. කොහොම හරි Music Track ඕනි නිසා තිබුනු උත්තරෙ වුනේ MP3 Songs වලින් Voice එක අයින් කරන එක තමා. ඒ වැඩේට මම පාවිච්චි කරපු Software දෙකක් ගැන තමා මේ Post එක. කාටහරි ඕනි වුනොත් අරන් බලන්නකො.පළවෙනි Software එක තමා Audacity. මෙතනින් Download කරගන්න. මේකෙන් Music Track එක ගන්න විදිහ තමා මේ.

step 1 > Audio File එක open කරගන්න.                       step 2 > Split Stereo Track එක Select කරන්න.




step 3 > Effect Menu එක Select කරලා Vocal Remover  Select කරන්න





දෙවන Software එක තමා MP3 Karaoke. මෙතනින් Download කරගන්න. මේකෙ නම් කරන්න වැඩිය දෙයක් නෑ Track එක Add කරලා Make Karoke File දුන්නාම Music Track (Instrumental Track)එක හැදෙනවා.



මතක තියාගන්න ඕනි දේ තමයි පාවිච්චි කරන Track එකේ quality එක සහ MP3 ීSong එකේ Voice track එක එකතු කරලා තියෙන විදිහ (Encoded Method) අනුව Music Track එකෙ quality එක වෙනස් වෙනවා කියලා.

Monday, October 14, 2013

  Mobile Device එක හදපු රට  IMEI අංකෙන් හොයමු.


                                    ඔයා දන්නවද? ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එක, ඩොන්ගල් එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයන්න පුළුවන්. IMEI කියන එකේ තේරුම තමයි International Mobile Equipment Identity. ඒක unique number එකක්. ඒ කියන්නෙ එක වගෙ දෙකක් නෑ. හැබැයි මේක තියෙන්නෙ 2004 ට පස්සෙ හදපු mobile devices වල විතරයි.

                                    දන්නව ඇතිනෙ IMEI අංකෙ හොයන හැටි? call එකක් ගන්න විදිහට ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එකෙන් *#06# (තරුවයි කොටුවයි බින්දුවයි හයයි කොටුව) dial කළාම ඒක ගන්න පුළුවන් (ඒක සමහරවිට ඔයාගෙ device එකේ print කරලත් ඇති).
                                    IMEI අංකෙට ඉලක්කම් 15 ක් තියෙනවා. ඒවයින් mobile device එක හදපු ර‍ට හොයන්න උදවු වෙන්නෙ 7 වෙනි ඉලක්කමයි, 8 වෙනි ඉලක්කමයි (YY) විතරයි. IMEI අංකෙක ආකෘතිය මේ විදිහයි.

XXXXXX YY ZZZZZZ A
  • XXXXXX - Type apptoval code - මාදිලි අනුමැති කේතය
  • ZZZZZZ - Serial number - ශ්‍රේණිගත අංකය
  • A - Check digit - පරීක්ෂක සංඛ්‍යාංකය
  • YY =
01 or 10 - Finland
02 or 20 - Germany
03 or 30 - Korea
04 or 40 - China
05 or 50 - Brazil, USA, Finland
06 or 60 - Hong Kong, China, Mexico
07 or 70 - Finland
08 or 80 - Hungary
91          - Finland
00          - Finland, Korea, Mexico

දැන්ම උත්සහ කරල බලන්න!

Sunday, October 13, 2013

TeamViewer.... යාළුවට කියල යාළුවගෙ පරිගනකයට රිංගමු (TeamViewer)

මේක computer ගැන දන්න නොදන්න හැමොටම ගොඩක් වැදගත්. මොකද දන්න අයට නොදන්න අයගෙ computer වලට ලෙසියෙන්ම log වෙලා එයාලට උදව් කරන්න පුලුවන්. හෑබයි දෙන්න ගාවම මේ software එක තියෙන්න ඔනෙ.
මුලින්ම කියන්නම්කෝ මේකෙ තියෙන වැදගත් කම උදාහරණයක් විදිහට ඔයාලගෙ යාළුවෙකුට මොකක් හරි ගැන කියා දෙන්න පුලුවන් online එකෙන්. ඒ විතරක් නෙමෙයි video එකක් පෙන්නන්න, File Shearing කරන්න, වගේ ගොඩක් වැඩ කරගන්න පුලුවන්. මේකෙ android app එකකුත් තියෙනව. ඒ ගොල්ලන්ට phone එකෙන් වුනත් මේකට connect වෙන්න පුළුවන්.
හැබැයි මේකෙදි පොඩි risk එකක් තියෙනව. මොකද හොද hacker කෙනෙකුට පුලුවන් මේ වෙලවෙදි  computer එකට රිංගන්න ඕනෙ පරිසරය හදා ගන්න. මේක Non-commercial විදිහට පවිච්චි කරනව නම් free. ඉතින් ඔයාලත් try එකක් දන්න. යාළුවගෙ computer එකට රිංගන්න.

Saturday, October 12, 2013

21.500කට වැඩි GAMES ගොඩක රහස් කෝඩ්


CHEATBOOK DATABASE 2013





21.500කට වැඩි ගේම්ස් ගොඩක රහස් කෝඩ් තියෙන  ඩේටා බේස් එකක් තමා මේ. අදවෙනකොට ඇවිල්ල තියෙන හැම ගේම් එකකම වගේ රහස් කෝඩ් මේකෙ තියේනවා . ඉතින් ගේම් ගහන ගොඩ දෙනෙක්  මේ ගැනනම් දන්නවනේ. දන්නැති අයත් ඇති නේද දන්න නොදන්න හැමෝටම තමා මේක අද මන් ලියන්නේ. ඔය YOUTUBE එකේ වීඩ්යෝ දාල තියෙන්නේ පිටරට පොරවල් මේ විදිහට හොරවැඩ කරල තමා. නැතුව උන් ගහන විදිහට අපි නිකන්ම ගහන්න ගියාම හෙන අවුල් වෙනවා.මොකද අපිට එහෙම ගේම්ස් ගහන්න බැ.. නමුත් අපි හොර නොකර  හොදට ගේම් ගහනවනේ.






මේ තියෙන්නෙ Screenshots

Friday, October 11, 2013

ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ Speed Up Firefox , Google Chrome And Skype. ]

ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

මේ පහල කියල තියේන විධියට කරන්න.


1. ) Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ. කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.

ඔබේ පරිගණක මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
2. ) නිශ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3න් ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 
3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.

See Who Is Online On Facebook While Remaining Offline !! ..fb...තමන් Online හිටියත් Chat Off කරලාOffline ඉන්න කට්ටි

කොල්ලෝ , කෙල්ලෝ මේ වැඩේ ඕන තරම් කරනවා. ඉතින් මම අද කියන්න යන්නේ අන්න එහෙම Offline ඉන්න කට්ටිය බලාගන්න විදියයි. 

මෙන්න මෙහමයි , ඒ ඇප් එක පෙන්නේ. පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]
රතු පාට ඊතලයේන් පෙන්වා කොටස තමයි , අපේ මේ වැඩේට ආදාල.




1. ) මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.


මේක Facebook App එකක්. ඔය link එකට ගියාම ඔයාලගෙන් අහනවා, ඔයාලගේ public profile details පාවිච්චි කරාට කමක් නැද්ද කියලා. ඒක okay කරන්න. ( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]




මෙන්න ලින්ක් එක - 
http://apps.facebook.com/newonlinenow/ 


2. ) දැන් හරි.

දැන් ඔයාලට පෙනේවි කව්ද Online ඉන්නේ කියලා. 
ඔතනින් රතු පාට රවුමක් තියෙන්නේ, ඇත්තටම Online ඉන්න අයයි. 
අළු පාට අර්ධ රවුමකින් පෙන්නන්නේ Online ඉදගෙන Offline දාගෙන ඉන්න කට්ටියයි !!
පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ පින්තුරය පැහදිලි නැත්නම් , පින්තුරය මත ක්ලික් කරන්න. ]




කොහොමද වැඩේ ?? එලනේ !! :D

දැන් ඉතින් FaceBook එකට Online ඇවිල්ලත් Offline දාගෙන ඉන්න යාලුවෙක්ට මෙන්න මෙහම Message එකක් යවන්න.
" ආ , මචෝ , උබ මොකද මේ Offline දාගෙන ?? "
ඊට පස්සේ මේ Message එක දැකපු යාලුවට , මුකුත්ම කියවෙන්නේ නැති වෙවි.. :p

මේ ට්‍රික් එක පට්ටේටම වටිනවා නම් , Comment එකකුත් දාගෙනම යන්න.

Sunday, October 6, 2013

Gmes for china mobilesචයිනීස් ෆෝන් වල‍‍ට ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන හැටි.....

                           චයිනීස් ෆෝන් වල‍‍ට ජාවා ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ කියලා අපි හැමෝම දන්නවනේ..ඒකට විසදුමක් තමා මම අද ඉදිරිපත් කරන්න යන්නේ...
චයිනීස් ෆෝන් වල‍‍ට වර්ග 2ක ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා..
ඒ .nes සහ .mrp කියන වර්ග 2.
.nes ගැන ඔයාල දැනටම දන්නවා ඇති.මොකද ගොඩක් අය දන්නවා ඒවා දාන විදිහ.
හොදයි එතකොට  .nes ගැන ගොඩක් අය දන්නවා නම් .mrp ගැන කියන්නේ මොන එහෙකටද කියලා ඔයාල බලනවා ඇති.හේතුව තමා .nes ගේම්ස් ගොඩක් චයිනීස් ෆෝන්ස් වලට වැඩ නෑ.ඒත් .mrp ගේම්ස් ගොඩක් ඒවට වැඩ.ඉතින් .nesවැඩ නෑ කියලා අඩ අඩ ඉන්න ඕන නෑ...
දැන්මම ඔයාගේ ෆෝන් එක අරන්   *#220807#  ගහන්න.මොනවම හරි ප්‍රතිචාරයක් ලැබුනොත් ඔන්න වැඩේ හරි.ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා වගේ ප්‍රතිචාරයක් තමා ලැබෙන්නේ...
හරි දැන් එහෙම ප්‍රතිචාරයක් ලැබෙනවා නම් ඊලග පියවර ටිකට යමු...

හරි දැන් ඒක අන්සිප් කරගන්න.
ඊලගට ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ mythroad කියලා ෆෝල්ඩර් එකක් හදන්න.
දැන් අර අන්සිප් කරගත්ත එකේ තිබ්බ dsm_gm.mrp කියන ෆයිල් එක ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ අර හදපු mythroad ෆෝල්ඩර් එක ඇතුලට දාන්න..
දැන් ඉතින් ඔන්න වැඩේ හරි...

ඔන්න ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ඒවත් අර  mythroad ෆෝල්ඩර් එක ඇතුලටම දාන්න...
දැන් ආපහු  *#220807#  ගහන්න...
ඔන්න එතකොට එයි App List කියලා මෙනු එකක්.ඒකේ ඇති ඔයා ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් එහෙම...දැන් ඉතින් open කරලා play කරන්න...
ඔන්න එහෙනම් වැඩේ හරි නේ???,,,,,

Thursday, October 3, 2013

Windows තියෙන ඕනෑම පරිගණකයක් i7 කරමු.....

අපිට කොඉන්ද i7....? තියෙන්නෙත් P IV. එකටත් වැඩ කිඩ දාල දාල බොහොම අමුරුවෙන් වැඩේ කරගෙන යන්නේ. හ්ම්... එකට කමක් නෑ... යාලුවන්ව ටිකක් හොල්මන් කරන්නත් එක්ක PC 1 i7 කරමුද ආ...?


ඕක එච්චර දෙයක් නෙවෙයි. මේක කරන්නේ Registry එක එඩිට් කරලා...
බය වෙන්න එපා මේකෙන් කිසිම දෙකට හානියක් වෙන්නේ නෑ. මේකෙන් වෙන එකම දේ බොරු විස්තරයක් පෙන්නන එක විතරයි.


එහෙනම් මුලින්ම, Start > Run යන්න.

ඊට පස්සේ "regedit.exe" කියල ටයිප් කරන්න.


සමහරවිට අහයි, "Do you want to allow following program to make changes to this computer?" එක "Yes" කරන්න.

ඔන්න දැන් අපි කොමාගේ මොලේට රිංගල ඉවරයි. දැන් තියෙන්නේ මතකයන් වෙනස් කරන 



HKEY_LOCAL_MACHINE → HARDWARE → DESCRIPTION → System → CentralProcessor → 0



එකේ තියෙනවා "ProcessorNameString" කියල එකක්. අන්න ඔතන තම අපේ Processor එක ගැන විස්තරේ තියෙන්නේ. එක උඩ Double ක්ලික් කරන්න.



දැන් ඔයාලට දැක ගන්න පුළුවන් පහල පින්තුරයේ වගේ, අපේ Processor එකේ විස්තරේ ඇවිත් තියෙනවා...


දැන් ඔයාලට තියෙන්නේ, ඔකේ තියෙන එක මකලා දාල, 

"Intel(R) Core(TM) i7 CPU       M 560  @ 2.27GHz" කියල ටයිප් කරන්න විතරයි.


දැන් වැඩේ ඉවරවෙලා, "OK" Button එක ක්ලික් කරලා, Registry Editor එක Close කරලා දාන්න.



දැන් Computer එකේ Properties ගිහින් බලන්න. PC 1 i7 වෙලා නේද...?