Tuesday, June 18, 2013

Facebook එකේ Fake Profiles හඳුනාගන්නෙ මෙහෙමයි – මෙන්න මෘදුකාංගයක් !



Facebook එකේ Fake Profiles හඳුනාගන්නෙ මෙහෙමයි – මෙන්න මෘදුකාංගයක් !


ෆේස්බුක් වල ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වීමත් සමඟ එය අකටයුතු සඳහා යොදා ගැනීමද බොහෝ සේ ඉහල යමින් පවතිනවා. ෆේස්බුක් වලට ඇති ප්‍රධානම තර්ජනය නම් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. නොදන්නා අය සමඟ ෆේස්බුක් චැට් කරන විට කාටත් පැන නගින පොදු ප්‍රශ්නය නම් “මේ ෆේක් අකවුන්ට් එකක්ද?” යන්නයි. ලස්සන යුවතියක් යැයි සිතා සිටි, තවත් එක් ව්‍යාජ ගිණුමකට රැවටුන අවස්ථා ඔබටත් ඇති. මේ ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ෆේස්වුක් එකේ ව්‍යාජ ගිණුම් හඳුනාගත හැකි සේවාවක් වෙත.
සාමාන්‍යයෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් කරන අයෙක් අන්තර්ජාලයෙන් සොයාගන්නා පින්තූර කිහිපයක් තමාගේ යැයි කියමින් ප්‍රසිද්ධ කිරීම සුලභ කාරණයක්. ඔබට සැක සහිත ෆේස්බුක් ගිණුමේ ඇති පින්තූර අන්තර්ජාලයේ වෙන වෙබ් අඩවි වලද තිබේ යැයි සොයා ගතහොත් නම් එය ව්‍යාජ ගිණුමක් වීමට බොහෝ සේ ඉඩ තියනවා. මේ කාර්‍ය මනා සංවිධානයක් සහිතව ක්‍රමානුකූලව කරදෙන මෘදුකාංගයක් තමයි FB Checker. පහත සබැඳියෙන් එය බාගත කරගෙන ස්ථාපනය කරගන්නDownload FB Checker
මෙය ස්ථාපනය කරගෙන ක්‍රියාත්මක කළ පසු ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වීම සඳහා මෘදුකාංගයට අවසර ලබා දිය යුතුයි. එනිසා පහත රූපයේ ඇති වින්ඩෝව ලැබුණ පසු එහි ඔබගේ ෆේස්බුක් සඳහා භාවිතා කරන Email හා Password ලබා දී Login බට්න් එක ඔබන්න.
මීලඟට ඔබ කළ ඔබගේ බ්‍රවුසරය විවෘත කොට ෆේස්බුක් ගිණුමට ලොග් වී පරීක්ෂා කිරීමට අවශ්‍ය ෆේස්බුක් ප්‍රොෆයිලය වෙත යෑමයි. එවිට එම ප්‍රොෆයිලයේ නම සහ ප්‍රොෆයිල් පින්තූරය සහිත පොප් අප් වින්ඩෝවක් පහත රූපයේ පරිදි ඔබට දැක ගැනීමට හැකි වේවි.
අදාළ ප්‍රොෆයිලයේ පින්තූර වෙත ගොස් ඒවා විවෘත කිරීම මගින් ඉහත පින්තූරයේ පෙනෙන පරිදි ප්‍රොෆයිල් පින්තූරයට අමතරව තව පින්තූරද එකතු කර ගත හැකියි. ඉන්පසු Analyze Profile බට්න් එක ඔබන්න.
ඔබට ලැබුණ වින්ඩෝවෙන් පරීක්ෂා කිරීමට අවශ්‍ය පින්තූර යළි තෝරාගත හැකියි. අවශ්‍ය පින්තූර තෝරා පහල ඇති In-depth profile analysis යන්නද සලකුණු කොට Analyze Profile බට්න් එක ඔබන්න. ඉන්පසු මේ කාර්‍ය සඳහා ස්වල්ප වේලාවක් ගත වනවා.
එය අවසන් වූ පසු ඔබ ලබා දුන් ප්‍රොෆයිලයට අදාල විස්තර සහිත බ්‍රවුසර් වින්ඩෝවක් විවෘත වනවා.
එය කියවා බලා ඔබට තීරණයකට එළඹිය හැකියි. ලබා දුන් පින්තූර අන්තර්ජාලයේ වෙතත් වෙබ් අඩවි වල ඇත්නම් ඒ ඇති ස්ථාන දකුණු පසු නිල් පැහැතු කොටුවේ දර්ශනය වනවා. එම සබැඳි වලට පිවිස බැලීමට ඔබට හැකියි.
වෙනත් වෙබ් අඩවියක පින්තූරය තිබුනත් එය අදාල ප්‍රොෆයිලයේ නමින් තිබුණොත් ඒ බව වෙනම දක්වනවා.  අවසානයේ සියල්ල සලකා බලා පහත පින්තූරයේ පරිදි ව්‍යාජ හෝ අව්‍යාජ බව දක්වනවා.
ෆේක් ෆේස්බුක් ගිණුම හඳුනාඅගැනීමට මෙය 100%ක් සාර්ථක විසඳුමක් නොවුනත් බොහෝ සේ සාර්ථක ප්‍රතිඵළ උදාකර දෙනවා.

Monday, June 17, 2013

Lock Your Computer Using A USB Drive | පෙන් එකකින් පරිගණකය ලොක් කරමු.


Lock Your Computer Using A USB Drive | පෙන් එකකින් පරිගණකය ලොක් කරමු.

මෙමගින් සිදුවන්නේ ඔබේ පරිගණකය පෙන් ඩ්‍රයිව් එකක් ආධාරයෙන් අගුළු ලෑමයි. එනම් අදාල පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කොට නැතිනම් පරිගණකය ලොක් තත්ත්වයේ පවතිනවා. නැවත පෙන් එක සම්බන්ධ කළ විටයි එම අගුල ඇරෙන්නේ. අඟුළ ඇරුණු විට පෙන් එක ගැලවුවහොත් පරිගණකය නැවත ලොක් තත්ත්වයට පත් වනු ඇති. පෙන් එක නැතිව වුවද ඔබ කලින් දුන් මුරපදය ආධාරයෙන් පරිගණකයට ඇතුළු විය හැකියි.
මුලින්ම පහත සබැඳියෙන් ගොස් Predator මෘදුකාංගය භාගත කරගෙන ස්ථාපනය කරගන්න.
දැන් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්න.
මීළඟට Predator මෘදුකාංගය ක්‍රියාත්මක කර එයට මුර පදයක් ලබාදී Flash Drive කොටසින් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක තෝරා Create Key යන්න ඔබන්න.
දැන් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක යතුරක් සේ සකස් වී ඇති. පළමු වරට මෙයින් ප්‍රයෝජන ගැනීම සඳහා predator මෘදුකාංගය restart කළ යුතුයි.
මෙය ක්‍රියාත්මකව පවතින අවස්ථාපේ ටාස්ක් පේන් එක මත කුඩා අයිකනයකින් ඒ බව දක්වනවා. එය කොළ පැහැයට තිමේනම් එයින් හැඟවෙන්නේ ඔබේ පෙන් ඩ්‍රයිව් එක යතුරක් සේ ක්‍රියාත්මක වන බවයි. හදිසියේවත් පෙන් එක ගැල වුවහොත් මීළඟ තත්පර 20දී පරිගණකය ලොක් වී යනු ඇති. එයට නැවත ඇතුළු වීමටනම් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කොට මුරපදය ලබා දිය යුතුයි. මුරපදය වැරදුනහොත් චිත්‍රපට වල මෙන් Access Denied පණිවිඩයක් හා ශබ්ධයක් ලැබේවි.
ටාස්ක් පේන් එක මත ඇති අයිකනය මත රයිට් ක්ලික් කොට pause monitoring යන්න ලබා දීමෙන් මෘදුකාංගය ක්‍රියාත්මක වීම වළක්වා ගත හැකියි.

Friday, June 14, 2013

DVD එකෙන් Pen Drive එකක් හදමු

   
Windows 7 වලින් DVD Write කරන්න  පුලුවන් කියලා....මෙවිදිහට DVD Write කරපුහාම DVD එකටFile ඕනවෙලාවක Add කරන්නත්,Delete කරන්නත්,Edit  කරන්නත් පුලුවන්..කොටින්නම කියනවානම් මේක හරියට Pen එකක් වගෙ.....

 DVD එක write කරන්නත් Read කරන්නත් පුලුවන් වෙන්නෙ Windows xp,Vista,7n,Windows 8 කියන OS වල විතරයි......


මෙන්න මෙහෙමයි වැඩෙ කරන්න ඕනෙ...

1.අලුත් DVD එක Writer එකට දාලා Autorun එනකල් ඉන්න,අවෙ නැත්නම් DVD Drive එක Right Click කරලා Autorun දෙන්න.......

2.දැන් Burn file to disk using windows explorer තෝරන්න........

3.ඔයලා කමති නමක් Disk එකට දෙන්න..... 

4.Like a usb flash drive කියන එක open කරන්න....

5.දැන් Massage එකක් එයි format වෙනවා කියලා.......

6.එක ඉවර උනට පස්සෙ වැඩ ඉවරයි දැන් DVD එක PEN එකක් වගේ වැඩකරනව...

7.දැන් ඔයලාට කමති දෙයක් ඕකට copy කරන්න පුලුවන්...


එහෙනම් අපි ගියා, යනකොට පොඩි comment එකකුත් දාල ........ :)

Tuesday, June 11, 2013

Facebook එකෙන් සල්ලි හොයමු.


මම දන්න විදිහට දැනට ලංකාවේ ඉන්න 18 වැඩි ඕනි කෙනෙකුට ෆේස්බුක්  ගිණුමක් තිබෙනවා. එහෙම නැත්තම් තම පුදුමේ. දවසකට පැය කීයක්‌ ඔයගොල්ලෝ ෆේස්බුක් එකේ ගත කරනවද? යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? අඩුම ගානේ ඉන්ටනෙට් බිල හරි ගෙවල දාන්න පුළුවන්. අද මම හදුන්වල දෙන්න යන්නේ ෆේස්බුක් එකේ තියෙන fan pages වලට like දාල මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන.


මෙම ක්‍රමය හදුන්වා දීල තියෙන්නේ Fanslave කියන වෙබ් අඩවිය. ඔයාලට මෙතනින් යන්න පුළුවන්. මෙම අඩවිය පටන් අරන් තියෙන්නේ 2004 මාර්තු 29 වෙනිදා. හැබැයි එතකොට මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ ඉන්ටෙනෙට් මාකටින් කියන විෂය. නමුත් 2010 දී මෙයාල SEOslave කියල අලුත් අඩවියක් පටන් ගන්නවා "google marketing" වලට අදාලව. එකේ අරමුණ වෙලා තිබුනේ විවිධ සමාජ වෙබ් අඩවි හරහා අනෙකුත් වෙබ් අඩවි, බ්ලොග් ආදිය ප්‍රචාරනය කිරීම. ඔය ක්‍රමයෙන් ගොඩක් ලාභ උපයන්න මෙයාලට පුළුවන් වෙලා. ඊට අමතරව අති විශාල පිරිසක් seoslave වටා එකතු වෙන්න අරගෙන. මේ අනුව තමා ඔවුන් ෆේස්බුක් එකටම වෙන් වූ fanslave කියන අඩවිය පටන් ගන්නේ.

සැ.යු: මා ද මෙම ක්‍රමය ආරම්භ කලේ මෑතකදී නිසා මුදල් "Cashout" කර නැත. මුදල් ලබා ගැනීම සදහා අවම වශයෙන් යුරෝ 15 ක් සෙවිය යුතුය. නමුත් වෙනත් ෆෝරම හා බ්ලොග් වලින් ලබා ගත තොරතුරු අනුව "fanslave" විශ්වාසවන්ත අඩවියක්  බව පෙනී යයි. ඔබද මෙය ආරම්භ කිරීමට පෙර මදක් සොයා බලන්න අමතක කරන්න එපා. නමුත් මේ සදහා අතින් මුදලක් වය නොවන නිසාත්, ඉතා පහසුවෙන් ඉටු කල හැකි නිසාත්, උත්සහ කර බැලීමෙන් කිසිම පාඩුවක් සිදු නොවෙනු ඇත.

දැන් අපි බලමු කොහොමද වැඩේ පටන් ගන්නේ කියල

1. මෙතනින් ගොස් register වෙන්න.


 2.register වීම සදහා පහත දැක්වෙන ෆෝරමය ලැබෙන අතර අදාළ තොරතුරු ලබා දෙන්න.

 3. දැන් ලොගින් වෙන්න

 4. එවිට ඔබට පහත පෙනෙන පරිදි පිටුවක්  ලැබෙනු ඇත. එහි "Fconnect" බොත්තම ක්ලික් කරන්න

5. දැන් ඔබගේ ෆේස්බුක් අඩවිය සමග ෆෑන්ස්ලෙව් අඩවිය සම්බන්ධ වන අතර එහිදී අසන පැනයට "Allow" ලෙස දෙන්න.

6. දැන් ඔබ මුදල් ඉපයීමට සූදානම්. "Fanslave" මගින් ඔබට මුදල් ලැබෙන්නේ EUR (යුරෝ) වලිනි. මෙහි "Credits" ලෙස දැක්වෙන්නේ ඔවුන් විසින් ලබා දෙන කිසියන් සම්මතයකි. credits 3 ක් යනු යුරෝ 0.02 මුදලකි. එක ලයික් එකකට credits 3 සිට 10 දක්වා ලැබේ.
 පහත පෙනෙන පරිදි ඔබ විසින් ක්ලික් කල යුතු ෆේස් බුක් පිටු දිස්වෙනුඇත. එම පිටු වලට ගොස් ලයික් දැමීමෙන් ඔබට මුදල් ලැබෙනු ඇත.


ඇත්තෙන්ම මෙය ඉතා පහසු ක්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත.දිනකට මෙවැනි පිටු ක් පමණ ඔබට ලැබෙන අතර, ඔබ විසින් fanslave වෙත හදුන්වා දෙන්නන් ලබා ගන්න මුදලින් 15% මුදලක් ඔබට කොමිස් වශයෙන්ද ලැබෙනු ඇත.