Friday, October 25, 2013

MP3 වලින් Voice එක අයින් කරමු (Music Track)

මේ දවස් වල වෙසක් එකට භක්ති ගීත වගයක් හොයන කොට මට ඒවාගේ Music Track  (Instrumental Track) එක විතරක් ඕනි වුනා ගන්න.ඒත් Internet search කලාට ගොඩක් Songs වල Music Track එක විතරක් ගන්න තිබුන් නෑ. කොහොම හරි Music Track ඕනි නිසා තිබුනු උත්තරෙ වුනේ MP3 Songs වලින් Voice එක අයින් කරන එක තමා. ඒ වැඩේට මම පාවිච්චි කරපු Software දෙකක් ගැන තමා මේ Post එක. කාටහරි ඕනි වුනොත් අරන් බලන්නකො.පළවෙනි Software එක තමා Audacity. මෙතනින් Download කරගන්න. මේකෙන් Music Track එක ගන්න විදිහ තමා මේ.

step 1 > Audio File එක open කරගන්න.                       step 2 > Split Stereo Track එක Select කරන්න.




step 3 > Effect Menu එක Select කරලා Vocal Remover  Select කරන්න





දෙවන Software එක තමා MP3 Karaoke. මෙතනින් Download කරගන්න. මේකෙ නම් කරන්න වැඩිය දෙයක් නෑ Track එක Add කරලා Make Karoke File දුන්නාම Music Track (Instrumental Track)එක හැදෙනවා.



මතක තියාගන්න ඕනි දේ තමයි පාවිච්චි කරන Track එකේ quality එක සහ MP3 ීSong එකේ Voice track එක එකතු කරලා තියෙන විදිහ (Encoded Method) අනුව Music Track එකෙ quality එක වෙනස් වෙනවා කියලා.