Tuesday, June 18, 2013

Facebook එකේ Fake Profiles හඳුනාගන්නෙ මෙහෙමයි – මෙන්න මෘදුකාංගයක් !



Facebook එකේ Fake Profiles හඳුනාගන්නෙ මෙහෙමයි – මෙන්න මෘදුකාංගයක් !


ෆේස්බුක් වල ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වීමත් සමඟ එය අකටයුතු සඳහා යොදා ගැනීමද බොහෝ සේ ඉහල යමින් පවතිනවා. ෆේස්බුක් වලට ඇති ප්‍රධානම තර්ජනය නම් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. නොදන්නා අය සමඟ ෆේස්බුක් චැට් කරන විට කාටත් පැන නගින පොදු ප්‍රශ්නය නම් “මේ ෆේක් අකවුන්ට් එකක්ද?” යන්නයි. ලස්සන යුවතියක් යැයි සිතා සිටි, තවත් එක් ව්‍යාජ ගිණුමකට රැවටුන අවස්ථා ඔබටත් ඇති. මේ ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ෆේස්වුක් එකේ ව්‍යාජ ගිණුම් හඳුනාගත හැකි සේවාවක් වෙත.
සාමාන්‍යයෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් කරන අයෙක් අන්තර්ජාලයෙන් සොයාගන්නා පින්තූර කිහිපයක් තමාගේ යැයි කියමින් ප්‍රසිද්ධ කිරීම සුලභ කාරණයක්. ඔබට සැක සහිත ෆේස්බුක් ගිණුමේ ඇති පින්තූර අන්තර්ජාලයේ වෙන වෙබ් අඩවි වලද තිබේ යැයි සොයා ගතහොත් නම් එය ව්‍යාජ ගිණුමක් වීමට බොහෝ සේ ඉඩ තියනවා. මේ කාර්‍ය මනා සංවිධානයක් සහිතව ක්‍රමානුකූලව කරදෙන මෘදුකාංගයක් තමයි FB Checker. පහත සබැඳියෙන් එය බාගත කරගෙන ස්ථාපනය කරගන්නDownload FB Checker
මෙය ස්ථාපනය කරගෙන ක්‍රියාත්මක කළ පසු ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වීම සඳහා මෘදුකාංගයට අවසර ලබා දිය යුතුයි. එනිසා පහත රූපයේ ඇති වින්ඩෝව ලැබුණ පසු එහි ඔබගේ ෆේස්බුක් සඳහා භාවිතා කරන Email හා Password ලබා දී Login බට්න් එක ඔබන්න.
මීලඟට ඔබ කළ ඔබගේ බ්‍රවුසරය විවෘත කොට ෆේස්බුක් ගිණුමට ලොග් වී පරීක්ෂා කිරීමට අවශ්‍ය ෆේස්බුක් ප්‍රොෆයිලය වෙත යෑමයි. එවිට එම ප්‍රොෆයිලයේ නම සහ ප්‍රොෆයිල් පින්තූරය සහිත පොප් අප් වින්ඩෝවක් පහත රූපයේ පරිදි ඔබට දැක ගැනීමට හැකි වේවි.
අදාළ ප්‍රොෆයිලයේ පින්තූර වෙත ගොස් ඒවා විවෘත කිරීම මගින් ඉහත පින්තූරයේ පෙනෙන පරිදි ප්‍රොෆයිල් පින්තූරයට අමතරව තව පින්තූරද එකතු කර ගත හැකියි. ඉන්පසු Analyze Profile බට්න් එක ඔබන්න.
ඔබට ලැබුණ වින්ඩෝවෙන් පරීක්ෂා කිරීමට අවශ්‍ය පින්තූර යළි තෝරාගත හැකියි. අවශ්‍ය පින්තූර තෝරා පහල ඇති In-depth profile analysis යන්නද සලකුණු කොට Analyze Profile බට්න් එක ඔබන්න. ඉන්පසු මේ කාර්‍ය සඳහා ස්වල්ප වේලාවක් ගත වනවා.
එය අවසන් වූ පසු ඔබ ලබා දුන් ප්‍රොෆයිලයට අදාල විස්තර සහිත බ්‍රවුසර් වින්ඩෝවක් විවෘත වනවා.
එය කියවා බලා ඔබට තීරණයකට එළඹිය හැකියි. ලබා දුන් පින්තූර අන්තර්ජාලයේ වෙතත් වෙබ් අඩවි වල ඇත්නම් ඒ ඇති ස්ථාන දකුණු පසු නිල් පැහැතු කොටුවේ දර්ශනය වනවා. එම සබැඳි වලට පිවිස බැලීමට ඔබට හැකියි.
වෙනත් වෙබ් අඩවියක පින්තූරය තිබුනත් එය අදාල ප්‍රොෆයිලයේ නමින් තිබුණොත් ඒ බව වෙනම දක්වනවා.  අවසානයේ සියල්ල සලකා බලා පහත පින්තූරයේ පරිදි ව්‍යාජ හෝ අව්‍යාජ බව දක්වනවා.
ෆේක් ෆේස්බුක් ගිණුම හඳුනාඅගැනීමට මෙය 100%ක් සාර්ථක විසඳුමක් නොවුනත් බොහෝ සේ සාර්ථක ප්‍රතිඵළ උදාකර දෙනවා.

No comments:

Post a Comment