Monday, October 14, 2013

  Mobile Device එක හදපු රට  IMEI අංකෙන් හොයමු.


                                    ඔයා දන්නවද? ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එක, ඩොන්ගල් එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයන්න පුළුවන්. IMEI කියන එකේ තේරුම තමයි International Mobile Equipment Identity. ඒක unique number එකක්. ඒ කියන්නෙ එක වගෙ දෙකක් නෑ. හැබැයි මේක තියෙන්නෙ 2004 ට පස්සෙ හදපු mobile devices වල විතරයි.

                                    දන්නව ඇතිනෙ IMEI අංකෙ හොයන හැටි? call එකක් ගන්න විදිහට ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එකෙන් *#06# (තරුවයි කොටුවයි බින්දුවයි හයයි කොටුව) dial කළාම ඒක ගන්න පුළුවන් (ඒක සමහරවිට ඔයාගෙ device එකේ print කරලත් ඇති).
                                    IMEI අංකෙට ඉලක්කම් 15 ක් තියෙනවා. ඒවයින් mobile device එක හදපු ර‍ට හොයන්න උදවු වෙන්නෙ 7 වෙනි ඉලක්කමයි, 8 වෙනි ඉලක්කමයි (YY) විතරයි. IMEI අංකෙක ආකෘතිය මේ විදිහයි.

XXXXXX YY ZZZZZZ A
  • XXXXXX - Type apptoval code - මාදිලි අනුමැති කේතය
  • ZZZZZZ - Serial number - ශ්‍රේණිගත අංකය
  • A - Check digit - පරීක්ෂක සංඛ්‍යාංකය
  • YY =
01 or 10 - Finland
02 or 20 - Germany
03 or 30 - Korea
04 or 40 - China
05 or 50 - Brazil, USA, Finland
06 or 60 - Hong Kong, China, Mexico
07 or 70 - Finland
08 or 80 - Hungary
91          - Finland
00          - Finland, Korea, Mexico

දැන්ම උත්සහ කරල බලන්න!

No comments:

Post a Comment